ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රලියාවේදී පුරන් තරග පරාජයක අවමානයෙන් ගැලවීමේ සටනක් බවට පරිවර්තනය වී තිබේ .

සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින අතර අද තරගයත් ජයගෙන පූර්ණ ජයග්‍රහණයක් අත්කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තරගය ලකුණු 134කින් හා දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පරාජයක් ඔස්ට්‍රේලියාව හමුවේ ඇත වින්දේය

කෙසේවතත් තුන්වන තරගය ජයගැනීමේ දැඩි අවශ්‍යතාවයක් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග වෙත ඇති බව දෙවෙනි තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසිය .

‘එකම සුබවාදී කරුණ ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියත් ඔස්ට්‍රේලියාවේදිම පැවැත්වීමයි. ඒ නිසා මේ තත්ත්වයට හුරුවීමෙන් අපේ තරුණ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් පරීක්ෂාවට ලක් කරගත හැකියි. මේක තරුණ කණ්ඩායමක්. ඔවුන්ට විශ්වාසය ඇති කිරීමට අපි ඊළඟ තරගය ජයගත යුතුයි.’ මාලිංග අධිෂ්ඨානශීලීව කීවේය.

ග්ලෙන් මැක්ස්වෙල් ඉවතට

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඔහුගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇති වූ දුෂ්කරතා හේතුවෙන් අද තරගයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව කණ්ඩායමේ මනෝ විද්‍යා වෛද්‍ය මයිකල් ලොයිඩ් බ්‍රහස්පතින්දා තහවුරු කළේය. ශ්‍රී ලංකාවට එරෙහි අවසන් විස්සයි 20 තරගය සඳහා මැක්ස්වෙල් වෙනුවට ඩීආර්සි ෂෝර්ට් තරග කරනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.