දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් දෝනි ඉවතට

රකිත විජේසුරිය

දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි-විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඇතුලත්කර නොතිබීම කැපී පෙනෙන වෙනස්කමක් ලෙස ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි .

ඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය කර්නල්වරයෙකු ලෙස ගැටුම්වලින් පීඩා විඳි ජම්මු හා කාශ්මීරයේ සිය හමුදා සේවයේ වගකීම් ඉටුකිරීමට ඔහු තීරණය කිරීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්විය .

මෑතකදී අවසන් වූ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියදී ඔහු විශ්‍රාම යාමට ඉඩ ඇතැයි අනුමාන කර තිබුණි.

වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක හාඩික් පාණ්ඩ්‍යා ඇතුළත් කිරීම හැරුණු විට කැරිබියන් දුපත්හි විස්සයි 20 තරගාවලිය 3-0 ලෙස ජයගත් කණ්ඩායමේ වෙනත් වෙනස්කම් කර නොමැත.

ඉන්දියාව ධර්මශාලා (සැප්තැම්බර් 15), මොහාලි (සැප්තැම්බර් 18) සහ බැංගලෝර් (සැප්තැම්බර් 22) යන හිදී දකුණු අප්‍රිකාව සමඟ තරග පැවැත්වෙනු ඇත.

සංචිතය: විරාත් කෝලි (නායක), රෝහිත් ෂර්මා (උප නායක), ශිකර් ධවාන්, කේ.එල්. රාහුල්, ශ්‍රියාස් අයර්, මනීෂ් පාණ්ඩේ, රිෂාබ් පන්ට් (කඩුලු රකින්නා), හාඩික් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා, කෘනාල් පාණ්ඩ්‍යා, වොෂිංටන් සුන්දර්, රාහුල් චහාර්, කලීල් අහමඩ්, දීපක් චහාර්, නවදීප් සයිනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.