බලාපොරොත්තු සුන් වූ නවසීලන්තය සහ වේල්සය තෙවැනි තැනට තරග වදියි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්තානය වෙනුවෙන් පැවැත්වෙන  ප්‍රබල නවසීලන්තය සහ වේල්සය අතර තරගය අද ( 1 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ කාගේත් අවධානය දිනා සිටි නවසීලන්තය පළමු අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ ලකුණු 19 – 7 කින් පරාජය වීමට සිදු වූ අතර වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර පැවති කරට කර තරගයෙන් ලකුණු 19 – 16 කින් ජය ගත් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව අවසන් මහා තරගය පෙනී පෙනී තිබියදී වේල්සයට ලෝක කුසලානයේ සිහිනය අතහැර දැමීමට සිදු විය.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට ( 2 ) පැවැත්වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.