ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ බීච් වොලිබෝල් කණ්ඩායම් කුසලානය දිනා ගනිති

චීනයේ පැවති 7 වැනි ලෝක ආරක්ෂක සේවා බීච් වොලිබෝල් තරගාවලියේ කණ්ඩායම් 16 දෙනා අතර පැවති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකෙහි දක්ෂතා සැලකිල්ලට ගනිමින් හා අනෙත් රටවල ජන්ද විමසීමකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ කණ්ඩායම් කුසලානය දිනා ගැනීමට සමත් වූහ.

රන් පදක්කම බ්‍රසීල ක්‍රීඩකයන් දෙදෙනා දිනාගනිද්දී, රිදී පදක්කම ජර්මානු ක්‍රීඩකයන් දෙදෙනාට හිමි විය. චීනය පරාජයට පත් කළ ඕමාන් අංක දෙකේ කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි විය.

කණ්ඩායම් 16 දෙනා අතරට පැමිණි ශ්‍රී ලංකා අංක එකේ කණ්ඩායමට ටිරෝන් හා සනුජ එක් වූ අතර අංක දෙකේ කණ්ඩායමට අසංක සහ යාපා එක් වූහ. මෙහිදි තරගාවලියේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැක්වූ දක්ෂතා හේතුවෙන් කණ්ඩායම් කුසලානය දිනා ගැනීමට හැකි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.