ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන බලපෑම් නැහැ -හරින් මනොහර්ට සහතික වෙයි

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශෂන්ක් මනොහර්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශෂන්ක් මනොහර් වෙත ප්‍රකාශ කර ඇතිබව www.bdcrictime.com වෙබ් අඩවිය වාර්තා කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ දෙදෙනා අතර නාග්පුර්හිදී පැවති හමුවේදීයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා හමුවිය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා යෝජනාවක් අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව ද මෙම හමුවේදී කරුණු දක්වා තිබේ.

” කිසිවිටකත් අතුරු කමිටුවක් පත් කරන්න මම ඉල්ලීමක් කලේ නැහැ. මම කොහොමටත් අතුරු කමිටුවලට කැමති නැහැ . ඒවගේම දේශපාලන බලපෑම් කරන්න බලාපොරොත්තු නැති බව මම සභාපති තුමාට ස්ථිරව කියා සිටිය.

” ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සිදුකිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනා පිළිබඳව මම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන සභාපතිවරයා දැනුවත් කළා . ඒ වගේ ම ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කිරීම සඳහා එතිමාගේ අවසරය ලබා ගැනීමේ අරමුණකින් මම මේ හමුවට ආවේ නැහැ . මගේ යෝජනාවන් පිළිබඳව එතුමා සතුට පළකළා ” ලෙස අමාත්‍යවරයා www.bdcrictime.com වාර්තාකරුවන ඩිපින් දානි වෙත ප්‍රකාශ කර තිබේ.

Story Courtesy- www.bdcrictime.com-Dipin Dani

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.