SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි.

සිය 6 වැනි ටෙස්ට් ශතකය හඹා යමින් සිටින ධනංජය ද සිල්වාට හෙට ( 14 ) දිනය වනතුරුත් ඉවසා සිටීමට සිදුව ඇත්තේ පන්දු 151කදී හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 87ක් ලබා ගනිමිනි. ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටින දිල්රුවන් පෙරේරා ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

 << DAY 01 – දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක් >>

අයපත් කාළගුණය හේතුවෙන් ඊයේ ( 12 ) දිනට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 19ක් එක් කිරීමට ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරා සමත් වූහ. හ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ( 59 ) , ඕෂධ ප්‍රනාන්දු ( 40 ) සහ නිරෝෂන් දික්වැල්ල ( 33 ) ලකුණු ලබා ගනිම්න් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කිරීමට සිය දායකත්වය ලබා දුන්හ. ඒ අනුව මේ වනවිට පන්දුවාර 91.5කදි කඩුලු 6ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 282ක් ලබා සිටියි.

හෙට ( 14 ) තරගයේ සිව්වන දිනයයි.

<< DAY 02 – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක >>

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 91.5කදී කඩුලු 6කට ලකුණු 282

( දිමුත් කරුණාරත්න 59, ඕෂධ පුනාන්දු 40, ඇන්ජලෝ මැතිවුස් 31, ධනංජය ද සිල්වා නොදැවී 87, නිරෝෂන් දික්වැල්ල 33, දිල්රුවන් පෙරේරා නොදැවී 06 , ෂයින් අෆ්රිඩි 58/2, නසීම් ෂා 83/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.