ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකී ආතර්ගේ සහය පතයි

චන්දික හතුරුසිංහගෙන් හිස් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ධූරය සඳහා මිකී ආතර්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇතිබව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි අතර එහිදී, නිමාවට පත් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තින කණ්ඩායම අවසන් පූර්ව වටය තෙක්වත් රැගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීම සිදුවිය.

මේ වනවිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ වේග පන්දු පුහුණුකරු  ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායක විසිනි. කෙසේ නමුත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කවුරුන් පත් වුවද, වේග පන්දු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කිරීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.