මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 37 ජයක්

ලසිත් මාලිංග පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් දැක්වූ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 37 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 06 ) සමත් විය. එහෙත් තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 2-1 කින් ජය ගැනීමට නවසීලන්තයට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ඉලක්කය හඹාගිය නවසීන්ත කණ්ඩායමට පන්දුවාර 16 කදී සියලු දෙනදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 88ක් පමණි.

නවසීලන්ත ඉනිමේ තෙවැනි පන්දුවාරය යොමුකළ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් විස්සයි 20 පිටියේ එවන් දක්ෂතාවයක් කළ දෙවැනි පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය. ඔහුට පෙර ඇෆ්ගනිස්තාන දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් අයර්ලන්තයට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. එසේම විස්සයි 20  පිටියේ මෙන්ම  එක්දින පිටියේද පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවාගත් ලොව එකම පන්දු යවන්නා බවට ලසිත් මාලිංග ඉතිහාසයට එක්විය.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ටිම් සවුති නොදැවී ලකුණු 28 ක් ලබා ගනිද්දී,  මිචෙල් සැන්ටර්ට ලකුණු 16ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවත් පසුකර යාමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලංග ලකුණු 5කට කඩුලු 5ක් සහ අකිල ධනංජය ලකුණු 28කට කඩුලු 2 බැගින් බිද හෙලිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවරු කළහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් රැස් කිරීමට සමත් විය.

ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නද, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට පිවිසීම  අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මුල් පන්දුවාර 10 තුළදී, සාර්ථක ලකුණු ප්‍රමාණයක් දක්වා කණ්ඩායම ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් හිමි නොවූහ. ධනුෂ්ක ගුණතිලක ටොඩ් ඇස්ටල්ගේ පන්දුවක් හමුවේ හමුවේ දැවී යනවිට පන්දු 25කද හතරේ පහර 4ක් සමගින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය.

පළමු හා දෙවැනි විස්සයි 20 තරගයන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වූ නිරෝෂන් දික්වැල්ලට ද මෙම තරගයේදී රැස්කර ගතහැකි වූයේ ලකුණු 24ක් පමනි. මංගල විස්සයි 20 වරම් හිමිකර ගත් ළහිරු මධුෂංක පන්දු 23කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමගින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී, මිචෙල් සැන්ටර් සහ ටොඩ් ඇස්ටල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

————————————————————————————————-

නවසීලන්තයට ලකුණු 126 ක ඉලක්කයක් 

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 125 ක්පමණි.

ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දුන්නද, කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට පිවිසීම  අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මුල් පන්දුවාර 10 තුළදී, සාර්ථක ලකුණු ප්‍රමාණයක් දක්වා කණ්ඩායම ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් හිමි නොවූහ. ධනුෂ්ක ගුණතිලක ටොඩ් ඇස්ටල්ගේ පන්දුවක් හමුවේ හමුවේ දැවී යනවිට පන්දු 25කද හතරේ පහර 4ක් සමගින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය.

පළමු හා දෙවැනි විස්සයි 20 තරගයන්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වූ නිරෝෂන් දික්වැල්ලට ද මෙම තරගයේදී රැස්කර ගතහැකි වූයේ ලකුණු 24ක් පමනි. මංගල විස්සයි 20 වරම් හිමිකර ගත් ළහිරු මධුෂංක පන්දු 23කට මුහුණ දෙමින් එක් හතරේ පහරක් සමගින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී, මිචෙල් සැන්ටර් සහ ටොඩ් ඇස්ටල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 කට ලකුණු 125

( ධනුෂ්ක ගුණතිලක 30, නිරෝෂන් දික්වැල්ල 24, ළහිරු මධුෂංක 20,  මිචෙල් සැන්ටර් 12/3, ටොඩ් ඇස්ටල් 28/3 ) 

————————————————————————————————-

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද ( 06 ) පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි 20 තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට පිවිසෙද්දී, නවසීලන්ත කණ්ඩායම වෙනස්කම් 3ක් සමගින් පිටියට පිවිසීමට නියමිතය.

ඒ අනුව දෙවැනි විස්සයි 20 තරගයේදී ආබාධයට ලක්වූ ෂෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු මධුෂංක කන්ඩායමට එක්ව තිබේ. නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල්, ටොම් බෘස් සහ ඉෂ් සොධි වෙනුවට රොස් ටේලර්, හමීෂ් රදර්ෆෝට් සහ ටොඩ් ඇස්ටල් කණ්ඩායමට එක්කර තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.