වැස්සට හසුවූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් නිමවෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පැවැති සිව්දින නිල නොවන දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 06 ) නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 208 ක් ලබා සිටියේය.

තරගයේ ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදීයාම හේතුවෙන් එකදු පන්දුවාරයක්වත් එදින ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොලැබුණි. තරගයේ දෙවැනි සහ තෙවැනි දිනට ද වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ අනුව දෙවැනි දිනයේදී ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 33ක් පමණි. තෙවැනි දිනයේදී පන්දුවාර 33ක් පමණක් ක්‍රීඩාකළ අතර බංග්ලාදේශය වෙනුවෙන් අෆිෆ් හොසේන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය.  ඔහුට අනගි සහයක් ලබාදුන් නායක නජ්මුල් හොසේන් ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ජෙහාන් ඩැනියෙල් ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලීය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.