ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුගෙන් තවත් දිවිත්ව ශතකයක්

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිව්වන අළු බඳුන ක්‍රිකට් තරගයේදී, ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් විසින් ද්විත්ව ශතකයක් ( 211)  වාර්තා කිරීමට සමත් විය. මෙය ඔහු ටෙස්ට් දිවියේ වාර්තා කළ තෙවැනි ද්විත්ව ශතකය වීමද විශේෂත්වයකි.

ඕස්ට්‍රෙලියානු නායක ටිම් පේන් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව කඩුලු 8කට ලකුණු 497ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුන්නේය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගාවලිය පුරාවට විශිෂ්ට දක්ෂතා දැක්වූ ස්ටිවන් ස්මිත් මෙම තරගයේදී ද ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ කාගේත් අවධානය ඔහු වෙත යොමුකර ගනිමිනි. තරග තහනමෙන් පසු ටෙස්ට් පිටියට පැමිණි ස්මිත්, ඔහු මෙතෙක් ක්‍රීඩාකළ ටෙස්ට් තරග තුනේදීම ශතක රැස් කිරීමට සමත් විය. ඒ හේතුවෙන් මෙතෙක් අංක එකේ ටෙස්ට් පිතිකරුවා ලෙස සිටි ඉන්දීය නායක විරාට් කෝලි ද අභිබවා යමින් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ සටහනේ අංක 1 දක්වා පෙරමුණ ගැනීමට ඔහුට හැකිවිය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.