මෙන්ඩිස්ගේ තැනට තුන්කට්ටුවක් තරග කරයි

විස්සයි 20 තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා මේ වනවිට ක්‍රීඩකයන් තිදෙනෙකු තරග කරමින් සිටින බව ලසිත් මාලිංග පවසයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය අද ( 06 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව අද තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස අවසානය තෙක් කවුරුන් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ලසිත් මාලිංග තරගයට පෙර පැවති පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය සඳහා නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු යන අයගෙන් එක් අයෙකුට ආරම්භ භූමිකාව හා එක්වීමට අවස්ථාව හිමිවෙයි. මේ වනවිටත් අවිශ්ක ප්‍රනාන්දු 2 වැනි පිත්කරුවා ලෙසත්, නිරොෂන් දික්වැල්ල සිව්වන පිතිකරුවා ලෙසත් කණ්ඩායමේ ස්ථාන හිමිව ඇති අතර ඒ අනුව අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා සමගින් ධනුෂ්ක ගුණතිලකට කණ්ඩායමේ ආරම්භයක් ගෙන ඒමට අවස්ථාවක් පවතික බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

නවසීලන්තය තරග 2-0 ක් ලෙස මේ වනවිට තරගාවලියේ ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකාවට දැන් කළහැකි වන්නේ අවමානයෙන් බේරීමට හෝ මෙම තරගය ජය ගැනීම පමණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.