ඇෆ්ගනිස්තාන යොවුන් පිල පිට පිට දෙවැනි ජයත් ලබයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුවෙට් කණ්ඩායම එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායමට මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රණයත් වාර්තා කිරීමට අද ( 07 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 86ක ඉලක්කය හඹාගිය ඇෆ්ගින්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 12.5කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය.

ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ නායක ෆර්හාන් සඛිල් පන්දු 37කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් රහ්මදුල්ලා පන්දු 28 කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 18ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානයේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් කුවේට ක්‍රීඩකයන්ට පන්දුවාර 27.3කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 85 ක්මණි.

විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ ශෆියුල්ලා ඝෆාරි ලකුණු 12කට කඩුලු 3ක් සහ නුර් අහමඩ් ලකුණු 18කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.