ශ්‍රී ලංකා පාබල හමුදාව සහ රෙහාබ් ලංකා සමස්ත ශූරතා රැක ගනියි

Photo - Pandula Bandara

සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූ ජාතික පැරාලිම්පික් ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදා රෙජිමේන්තුව සමත් වෙද්දී, එහි කාන්තා අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජය සමත් විය.

මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 30ක් පිහිටු වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම මළල ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ නුවන් ඉන්දික සහ කමාන්ඩෝ රෙජිමේන්තු ක්‍රිඩා සමාජයේ බුද්ධික ඉන්ද්‍රපාල යන දෙදෙනා අතර බෙදා දුන්හ. එහිදි නුවන් ඉන්දික සහ බුද්ධික ඉන්ද්‍රපාල යන ක්‍රීඩකයන් නව තග වාර්තා සමගින් ඔවුන් ඉදිරිපත් වූ තරග ඉසව් තුනෙහිම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතම මළල ක්‍රීඩිකාවට හිමි සම්මානය රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ තිසරා ජයසිංහ දිනා ගැනීමට සමත් වූවාය. ඇය හෙල්ල විසි කිරීම, යගුලිය සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව් තුනේම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූයේ නව තරග වාර්තා 3ක්ද පිහිටුවමිනි.

2018 වසරේ පැවති දකුණු ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී මව්බිමට රන් පදක්කම් දෙකක් දිනා දීමට සමත් වූ වර්ණකුලසූරිය අමිල ප්‍රසාන් වසරේ මළල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

කනිෂ්ඨ අංශයේ සමස්ත බාලක ශූරතාව රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජය දිනාගත් අතර එහි බාලිකා අංශයේ සමස්ත ශූරතාව රත්මලාන අන්ධ විද්‍යාලය දිනා ගත්තේය.

මෙවර පිහිටවූ නව තරග වාර්තා

  1. කාන්තා යගුලිය විසි කිරීම (කණිෂ්ඨ අංශය ) – F 20 කාණ්ඩය  – මීටර 5.29 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට සධීරා නිලක්ෂිණි සමත් වූවාය.
  2. පිරිමි කවපෙත්ත විසි කිරීම ( කණිෂ්ඨ අංශය ) – F40/41 කාණ්ඩය – මීටර 8.36 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ප්‍රීතිපුර ක්‍රීඩා සමාජයේ ප්‍රියාශාන් පසිඳු සමත් විය.
  3. පිරිමි දුර පැනීම ( කණිෂ්ඨ අංශය ) – F11 කාණ්ඩය – මීටර 3.02 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ රවිඳු චිරන්ජය සමත් විය.
  4. කාන්තා කවපෙත්ත විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F40/41 කාණ්ඩය – මීටර 9.35 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට නිරෝෂා දිල්ෂානි සමත් වූවාය.
  5. පිරිමි කවපෙත්ත විසි කිරීම ( ජ්‍යෙෂ්ට අංශය ) – F42/43 කාණ්ඩය – මීටර 42.71 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට එච්.ජී. පී බණ්ඩාර සමත් විය.
  6. කාන්තා යගුලිය විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F57 කාණ්ඩය – මීටර 5.30 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ තිසරා ජයසිංහ සමත් වූවාය.
  7. පිරිමි යගුලිය විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F56/57 – uSgr 10.49 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට එස්.බී මදුරාවේ සමත් විය.
  8. කාන්තා කවපෙත්ත විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය) – F56/57 කාණ්ඩය – මීටර 12.48 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහිබ් ලංකා ක්‍රීඩා සමාජයේ තිසරා ජයසිංහ සමත් වූවාය.
  9. පිරිමි මීටර 200 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F 45/46/47 කාණ්ඩය – තත්පර 23.47 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් සෝමසිරි සමත් විය.
  10. පිරිමි යගුලිය විසි කිරීම 9 ජ්‍යෙෂ්ඨ අංශය ) – F11 කාණ්ඩය – මීටර 9.06 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ එස්.පී තිලකසිරි සමත් විය.
  11. කාන්තා මීටර 200 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T53 කාණ්ඩය – තත්පර 47.7 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට සඳමාලි සමත් වූවාය.
  12. කාන්තා මීටර 200 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T54 කාණ්ඩය – තත්පර 58.0 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ නිරෝෂනි කුමාරි සමත් වූවාය.
  13. පිරිමි හෙල්ල විසි කිරීම ( කනිෂ්ඨ අංශය) – T40/41 කාණ්ඩය – මීටර 6.68 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ප්‍රීතිපුර ක්‍රීඩා සමාජයේ ප්‍රියෂාන් පසිඳු සමත් විය.
  14. පිරිමි යගුලිය විසි කිරීම ( කනිෂ්ඨ අංශය ) _ F11 කාණ්ඩය – මීටර 7.20 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ලක්ෂිත ජයරත්න සමත් විය.
  15. පිරිමි හෙල්ල විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F42/63 – මීටර 50.11 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට කේ ඩබ් එල් අජිත් සමත් විය.
  16. පිරිමි දුර පැනීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F44/64 කාණ්ඩය – මටර 6.29 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ඒම්.ජී.එම් ඉන්දික සමත් විය.
  17. පිරිමි දුර පැනීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F42/63 කාණ්ඩය – මටර 5.58 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට බුද්ධික ඉන්ද්‍රපාල සමත් විය.
  18. පිරිමි මීටර 400 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T45/46/47කාණ්ඩය -තත්පර 51.03 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් සෝමසිරි සමත් විය.
  19. පිරිමි මීටර 100 ( කණිෂ්ඨ අංශය ) – T11 කාණ්ඩය – තත්පර 14.74 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ රවිඳු චිරන්ජය සමත් විය.
  20. කාන්තා මීටර 100 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T53/54 කාණ්ඩය – තත්පර 27.69 74 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ නිරෝෂනි කුමාරි සමත් වූවාය.
  21. පිරිමි මීටර 400 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T44/62/64 කාණ්ඩය – තත්පර 55.87 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට ඒ පී ඒ චතුරංග සමත් විය.
  22. කාන්තා මීටර 1500 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T20 කාණ්ඩය – විනාඩි 6:55.73 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ දිල්කි උමේෂිකා සමත් වූවාය.
  23. පිරිමි යගුලිය දැමීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F44/62/64 කාණ්ඩය – මීටර 12.33 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට එස් එස් කුමාර සමත් විය.
  24. පිරිමි මිටර 1500 ( ජ්‍යෙෂ්ඨ අංශය ) – T12/13 කාණ්ඩය – විනාඩි 5:01.90 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට යූ එස් කරුණාමුණි සමත් විය.
  25. පිරිමි මීටර 100 ) ජ්‍යෙෂ්ඨ අංශය ) – T53/54 කාණ්ඩය – තත්පර 19.28 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට එස් කේ අබේරත්න සමත් විය.
  26. පිරිමි යගුලිය විසි කිරීම (ජෙයෂ්ඨ අංශය ) – F42/43 කාණ්ඩය – මීටර 12.22 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට එච් ජී පී බණ්ඩාර සමත් විය.
  27. කාන්තා දුර පැනීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F45/46/47 කාණ්ඩය – මීටර 4.82 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට රෙහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ කුමුදු ප්‍රියංකා සමත් වූවාය.
  28. පිරිමි මීටර 200 (ජ්‍යෙෂ්ඨ අංශය ) –T53/54 කාණ්ඩය – තත්පර 35.72 කින් අවසන් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට එච් එම් රත්නායක සමත් විය.
  29. පිරිම හෙල්ල විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F45/46/47 කාණ්ඩය – මීටර 50.98 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමට කේ ජී ඒකනායක සමත් විය.
  30. කාන්තා යගුලිය විසි කිරීම ( ජ්‍යෙෂ්ඨ අංශය ) – F42/44 කාණ්ඩය – මීටර 5.44 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටු වීමටඑන් සුගන්ධි සමත් වූවාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.