නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති.

තරගාවලිය හෙට (9) සිට 18 වැනිදා දක්වා පැවැත්වේ .

අමිල අරවින්ද සහ දීපාල් ජයසිංහෆුනුකරුවන් ලෙස එක්වන අතර නාරංදෙණිය ජාතික පාසලේ විදුහල්පති ලාල් ප්‍රියදර්ශන කළමනාකරු ලෙස කණ්ඩායමේ කටයුතු කරන කරනු ලබයි.

හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ ප්‍රබල ක්‍රීඩකයකු වන තනෝජ් රශ්මික කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග වදියි .පසුගිය වසරේ ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙතෙම සම්මානයට පාත්‍රවිය.

ඒ සමගම පසුගිය වසරේ පැවැති එල්.වී.ජයවීර, ටී.බී.ඡයා සහ යොවුන් බොක්සිං තරගාවලියේ ශූරයා බවට පත්වූ තරින්ද නෙත්මිණ ලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග වදියි . ඔහු නාරංදෙණිය ජාතික පාසලෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.