විස්සයි 20 ට ඇතුලු වෙන්න ශ්‍රී ලංකාවට අභියෝග 3ක්

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය ලබන වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම නිතරගයෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර 2018 වසරේ දෙසැම්බර් 31 වන දිනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පෙරමුණේ පසුවූ මුල් කණ්ඩායම් 8 පමණක් සුදුසුකම් ලැබීමේ වටයකින් තොරව කෙළින්ම තරගාවලියට එක් වීමට අවස්ථාව උදාකර ගත්තේය.

ටෙස්ට් වරම් දිනා සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට එක එල්ලේම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඒ අනුව සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව යළිත් සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වීමට අවස්ථාව උදා වී තිබේ.

සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා ඒ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර,ඒ අනුව ශ්‍රී ලංකාව සමගින් අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමගින් තරග වැදීමට නියමිත පැපුවා නිව්ගිනියාව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියකට සුදුසුකම් ලබා ගනිද්දී, අයර්ලන්තය දෙවැනි වරටත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශය, නෙදර්ලන්තය, නැමීබියාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් බී කාණ්ඩායෙන් තරග වැදීමට නියිමිතය.

ඒ හා බී යන කාණ්ඩායන් අතර පැවැත්වෙන තරගාවලියේදී එහි පෙරමුනේ පසුවන කණ්ඩායම් 4ක් පමණක් ( එක් කාණ්ඩයකින් 2 බැගින් ) පන්දුවාර විස්සයි 20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබනු ලැබේ.

සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කාල සටහන ( සියලුම තරග 2020 වසරේදී පැවැත්වේ )

ඔක් 18 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය

ඔක් 20 – ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියාව

ඔක් 22 – ශ්‍රී ලංකාව සහ ඕමානය

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.