17න් පහළ පාසල් ක්‍රිකට් – රාජකිය – සෙබස්තියන් සම ශූරතා දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ දෙවැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග කොළඹ රාජකීය විද්‍යාලයට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල අතරේ සම – ශූරතාව පිරි නැමීමට සංවිධායකයෝ තීරණය කළහ. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ ( 16 ) පැවැත්විණි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරගයේ එක් ඉනිමක් පන්දුවාර 27කට සීමා කිරීමට තරග තීරකවරු තීරණය කළහ. ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කළ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ‘ බී ‘ කණ්ඩායමේ නායක ඉදුවර අල්විස් පළමුවෙන් පන්දුවට පහර දීමට කොළඹ රාජකීය විද්‍යාල ‘ බී ‘ කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩකයෝ පන්දුවාර 27 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 111ක් රැස් කිරීමට සමත් වූහ.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් රෙසිදු තිලකරත්න ලකුණු 26ක් සහ නෙතින් පනාපිටිය ලකුණු 21 බැගින් රැස් කරමින් විද්‍යාලයීය ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.

සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කණුක ලක්ෂාන් ලකුණු 8කට කඩුලු 3ක් සහ ශෙනිත් ඉරංග ලකුණු 21කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 112 ක ඉලක්කය හඹාගිය සෙබස්තියන් විද්‍යාල ‘ බී ‘ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 12 කදී කඩුලු 5ක් දැවී ලකුණු 43ක් ලබා සිටියේය.

සෙබස්තියන් විද්‍යාලයට නායකත්වය ලබාදුන් ඉදුවර අල්විස් ලකුණු 16ක් රැස් කිරීමට සමත් වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවවත් පසුකර යාමට රාජකීය විද්‍යාල පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

සෙබස්තියන් විද්‍යාලයේ මුල්පෙළ අසරණ කළ, දමිත් කප්පගොඩ ලකුණු 12කට කඩුලු 2ක් සහ උතුම් දිසානායක ලකුණු 11කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.