ඉන්දියාවේ විරෝධය නොතකා අයි.සී.සි. ඕවර් 50 අලුත්ම ලෝක ක්‍රිකට් තරගාවලියක් හඳුන්වා දෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එල්ලවූ විරෝධතාවන් පසෙක ලා එක්දින ලෝක කුසලාන සහ විස්සයි 20 ලෝක කුසලාන තරගමාලා ද්විත්වයට අමතරව තවත් ජාත්‍යන්තර තරගාමාලාවක් ආරම්භ කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

පසුගිය සති අන්තයේ ඩුබායි නුවරදී රැස්වූ අයි.සී.සී.යේ විධායක කමිටුව මේ එකඟතාවට පැමිණ තිබේ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් කරුණු කිහිපයක් මතු කර ඇති අතර, අයි.සී.සී.යේ ආදායමෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හි කොටස පිළිබඳ කාරණය නැවත සලකා බැලීමට තමාට අවශ්‍ය බව නාමයෝජනා ගොනු කිරීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හි සභාපති ධුරයට පත් වූ සෞරව් ගංගුලි සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි කළේය. ගෝලීය ක්‍රිකට් ආදායමෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ ඉන්දියාවෙන් බව සලකන විට ඉන්දියාවට ලැබිය යුතු දේ ලැබිය යුතු බව ඔහු පැවසීය.

වසර 2023 සිට 2031 දක්වා වසර අටක කාලය ඇතුළත එක්දින ලෝක කුසලාන තරගමාලා 2ක් සහ විස්සයි20 ලෝක කුසලාන තරගමාලා 4ක් පැවැත්වීමට නියමිත අතර නව තරගාවලිය පැවැත්වෙන්නේ ඒ කාලය තුළදීය.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන (2024), නව තරගාවලිය (2025), විස්සයි20 ලෝක කුසලාන (2026), එක්දින ලෝක කුසලාන (2027), විස්සයි20 ලෝක කුසලාන (2028), නව තරගාවලිය (2029), විස්සයි20 ලෝක කුසලාන (2030) සහ එක්දින ලෝක කුසලාන (2031) වශයෙන් මේ තරගමාලා පැවැත්වෙනු ඇත.

ඒ අනුව වසර 2023 සිට ඉදිරි වසරවලදී අයි.සී.සී. තරගමාලාවක් සෑම වසරකදීම පැවැත්වෙයි. නව තරගමාලාව ඕවර 50 මුහුණුවර යටතේ පැවැත්වීමටත්, කණ්ඩායම් 6ක් සහභාගි වන තරගමාලාවක් ලෙස පැවැත්වීමටත් අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

වසර 2023 සිට ඉදිරි වසර අට දක්වා කාලය ඇතුළත පිරිමි තරගාවලි සහ කාන්තා තරගාවලි 8 බැගින් පැවැත්වෙන අතර කාන්තා හා පිරිමි අවුරුදු 19න් පහළ තරගාවලි 4 බැගින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Email Facebook0 Twitter  Pinterest0 WhatsApp Viber 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.