ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය .

සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. ලකුණු 13.5ක් ලබාගත් නාවික හමුදාව තෙවැනි ස්ථානයට පත්විය.

නාවලපිටිය ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජුඩෝ සංගමය විසින් සංවිධානය කළේය

කාන්තා තරගවලදී සමස්ත ශූරියන් බවට පත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත්වූයේ ලකුණු 35.5ක් රැස්කරමිනි. ලකුණු 24ක් ලැබූ යුද හමුදා කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවූ අතර තෙවැනි ස්ථානය ගම්පොල (15) ක්‍රීඩා සමාජය සතුවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.