ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදයට පාර්ලිමේන්තුව රැස්වෙයි

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අද (නොවැම්බර් 11 වෙනිදා) පාර්ලිමේන්තුව පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතයි.

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද මේ විශේෂ ක්‍රීඩා පනත නොවැම්බර් 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද යම්කිසි ප්‍රමාද දෝෂයකින් හෝ අතපසුවීමකින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් ව නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර අදාල පනත නැවත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හෙතෙම අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විශේෂ සැසිවාරයක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළේය .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.