ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ ( 07 ) නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය අවසන් දිනට නතර කරන විට පන්දුවට පහර දෙමින සිටී ශ්‍රීලංකා ඒ කණ්ඩායම කඩුලු 2කට ලකුණු 357 ක් ලබා සිටියේය.

                 පැතුම් නිශ්ශංක

සිය පළමු ඉනිමේදී ලකුණු 85කින් ඉනිම වර්ණවත් කරගත් පැතුම් නිශ්ශංක දෙවැනි ඉනිමේදී ද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 307 කදී හයේ පහරක් සහ හතරේ පහර 20ක් සමගින් ලකුණු 192ක් රැස් කිරමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සංගීත් කුරේ ලකුණු 89ක් ලබා සිටියදී රිෂාඩ් හුසේන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

.ශ්‍රී ලංකා ඒ පළමු ඉනිම – පන්දුවාර 90.2කදී සියලලු දෙනා දැවී ලකුණු 268

( පැතුම් නිශ්ශංක 85, කමිදු මෙන්ඩිස් 62, චරිත් අසලංක 44, මෙහෙදි හසන් මිරාස් 84/7 )

බංග්ලාදේශ ඒ පළමු ඉනිම – පන්දුවාර 83.1 කදී සියලු දෙනාදැවී ලකුණු 330

(ෂඩ්මන් ඉස්ලාම් 77, මොමිනුල් හක් 117, මෙහෙදි හසන් මිරාස් නොදැවී 38,මොහොම් ශිරාස් 63/5, ප්‍රභාත් ජයසූරාය 114/3 )

ශ්‍රී ලංකා ඒ දෙවැනි ඉනිම – පන්දුවාර 107කදී කඩුලු 2කට ලකුණු 357

( පැතුම් නිශ්ශ‘ක 192, සංගීත් කුරේ 89, කමිදු මෙන්ඩිස් නොදැවී 67 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.