ලෝක කුසලාන රග්බි – ට්‍රෙවර් නියකේන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ආබාධයට ලක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රේවර් නියකේන්ගේ ආබාධා තත්ත්වය බරපතල බැවින්  ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

ඒ අනුව ඔහුගේ ස්ථානය සඳහා තෝමස් ටු ටොයිට් කැදවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නවසීන්තය සමගින් පැවති පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 23 – 13 ක පරාජයක් ලැබීමට සිදු වූ අතර එහි දෙවැනි අර්ධයේදී ට්‍රේවර් නයිකේන් ආබාධයට ලක්විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු වටයේ සහභාගී වන දෙවැනි තරගය මේ මස 28 වැනිදා නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.15 ට ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.