ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

ක්වින්ටන් ටි කොක්ගේ නායකත්ව ඉනිම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ ( 22 ) සමත් විය. ඒ අනුව  තරග 3කින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තරග 1-1 කින් සම කිරීමට දකුණු අප්‍රිකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලය ඉන්දීය පන්දු යවන්නනට පහර පිට පහර එල්ල කරමින් තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ක්වින්ටන් ඩි කොක් පන්දු 52කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 79ක් රැස් කිරීමට සමත් වූයේ තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගනිමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කන්ඩායටම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 134ක් පමණි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශිකර් ධවාන් පන්දු 25කදී ලකුණු 36ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා ලකුණු 39කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන්  බර්න් හෙන්ඩ්‍රික්ස් සහ ජෝන් ෆෝර්චූන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.