පාසල් ක්‍රිකට් – ශාන්ත ආන්තෝනි සහ ශාන්ත ජෝශප් සම ශූරතා දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ  ‘ සිංගර් කුසලාන වයස 15න් පහළ පළමු කොටසේ  ක්‍රිකට් තරගාවලියේ සම ශූරතාවය දිනා ගැනීමට මහනුවර ශාන්ත ආන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය ඊයේ ( 22 ) මත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට ශාන්ත ආන්තෝනි විද්‍යාලයට ආරාධනා කර සිටි අතර  ඒ අනුව පන්දුවාර 45 අවසානයේ කඩුලු 5කට ලකුණු 166ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජෝශප් වාස් විද්‍යාලය පන්දුවාර 28කදී කඩුලු 3කට ලකුණු 35 ලබාසිටියදී තරගය අත්හිටුවනු ලැබීය. ඒ අනුව මෙවර 15න් පහළ පළමු කොටසේ ශූරතාව විද්‍යාල ද්විත්වය අතරේ බෙදී ගියේය.

ශාන්ත ආන්තෝනි විද්‍යාලය – කඩුලු 5කට ලකුණු 166 ( පන්දුවාර 45 )

( ලහිරු අබේසිංහ 63, මොහොමඩ් අකීල් 40, සෙත් රන්සිත 33/3, මෙනුෂ පෙරේරා 19/2 )

ජෝශප් වාස් විද්‍යාලය – කඩුලු 3කට ලකුණු 35 ( පන්දුවාර 28 )

අවිශ්ක පෙරේරා නොදැවී 16, ඉදුවර ගලපිටියගේ 10/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.