තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල හෙට ( 24 ) පාකිස්තානයට

පකිස්තානය සමගින් පැවැත්වෙන එක්දින හා විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ( 24 ) දිනයේදී පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න, විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන් 10 දෙනෙකු තරගාවලියෙන් ඉවත් වීමත් සමග පාකිස්තාන සංචාරය අවලංගු වීමේ තත්ත්වයකට පත්විය.

කෙසේ නමුත්,එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට සහ විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයේ කළේය.

මේ මස 27 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වේ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.