බෙන් ස්ටොක්ස්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි

බෙන් ස්ටොක්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවය හේතුවෙන් හේඩින්ග්ලිහි පැවති තෙවැනි අළු බඳුන ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට ඊයේ ( 25 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 359ක ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද දැඩි අවධානම් කළාපයේ තැබීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් 5වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි බෙන් ස්ටොක්ස් විශිෂ්ට ශතකයක් ( නොදැවී 135 ) සමගින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ලකුණු 286ක් තුළ කඩුලු 9ක් බිදවැටී අසීරු අඩියක පසුවූ එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජැක් ලීච්, බෙන් ස්ටොක්ස් සමගින් එක්ව 10 වැනි කඩුල්ල සඳහා ලකුණු 76ක නොබුදුණු සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. එම ලකුණු 76න් ලකුණු 75ක්ම බෙන් ස්ටොක්ස් විසින් රැස් කිරීම ද මෙහිදි කැපී පෙණුණි.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය බෙන් ස්ටොක්ස් පන්දු 219කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ බෙන් ස්ටොක්ස් දෙවැනි ඉනිමේදී ලකුණු 56කට කඩුලු 3ක් බිද හෙලීය.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – පන්දුවාර 52.1 කදී සියලු දෙනා දැවී ලකුණු 179

එංගලන්ත පළමු ඉනිම – පන්දුවාර 27.5කදී සියලු දෙනා දැවී ලකුණු 67

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම – පන්දුවාර 75.2කද සියලු දෙනා දැවී ලකුණු 246

එංගලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 125.4කදී කඩුලු 9කට ලකුණු 362

( බෙන් ස්ටොක්ස් නොදැවී 135, ජෝ රූට් 77 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.