විලියම්ස්ගේ ශතකයෙන් සිම්බාබාව්වේ හිස ඔසවද්දී රාසා සහ ටේලර්ත් ලකුණු අතරට

සිම්බාබ්වේ නායක ෂොන් විලියම්ස් සහ සිකන්දර් රාසා 5 වැනි කඩුල්ලට ගොඩ නැගූ අනගි සම්බන්ධතාවයෙන් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබවේ පිල පලමු දිනය වන අද ( 27 ) දිනට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටියේය.

රෙගීස්  චකබ්වා (නොදැවී 31) සහ ටිනොටෙන්දා මුටොම්බොඩසා (නොදැවී 10) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

නායක ෂොන් විලියම්ස් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 137කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වූයේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මෙන්ම සිම්බාබ්වේ පිල ප්‍රබල තත්ත්වයකයට ඔසවා තබමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් සිකන්දර් රාසා පන්දු 99කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 10ක් සිය ගිණුමට එක්කර ගනිමිනි.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ ඕවර 30 ට ලකුණු 153 ක් උදුරා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ. සුරංග ලක්මාල් විසින් බ්‍රෙන්ඩන් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 150 ක් ලබාගත් පස්වන පන්දු යවන්නා බවට ඉතිහාසයට එක්විය.

හෙට ( 28 ) තරගයේ දෙවැනි දිනයයි.

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 90 කදී කඩුලු 6කට ලකුණු 352

( ෂොන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, රෙගීස්  චකබ්වා නොදැවී 31, ටිනොටෙන්දා මුටොම්බොඩසා නොදැවී 10, සුරංග ලක්මාල් 31/2, ධනංජය ද සිල්වා 67/2 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.