‘ The Hundred ‘ ක්‍රිකට් – ලසිත් මාලිංග ඉවතට විසි වෙද්දී,  රෂීඩ් ඛාන් පළමු තේරීම බවට පත් වෙයි

ලබන වසරේ  එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස්ගේල්ට ද කිසිදු කණ්ඩායමකට ඇතුලත් වීමට අවස්ථාව හිමි වී නැත.

තරගාවලියේ පළමු තේරීම බවට පත්වූ ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඩොලර් 125,000 ක් වටිනා කොන්ත්‍රාත්තුවකට ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබීය.

තරගාවලියට ක්‍රීඩකයන් මිලදී ගැනීමේ මූලික කෙටුම් පතෙහි ( පවුම් 125 000 ) ඉහළම මිලක් සඳහා  යෝජනා වී සිටි ලසිත් මාලිංග, ක්‍රිස් ගේල් සහ කගීසෝ රබාඩා කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම හාස්‍යට කරුණකි. එම කාණ්ඩයටම එක්ව සිටි ඕස්ට්‍රෙලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහ ස්ටිව් ස්මිත් වෙල්ෂ් ෆයර් කණ්ඩායමටත්, ඩේවිඩ් වෝනර් සදර්න් බ්‍රේව් කණ්ඩායමටත් තෝරා ගෙන තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.