හතුරුසිංහගේ ගිවිසුම ඉවත් කරන්නේ නම්, ගෙවිය යුතු වන්දි මුදල කෝටි 11.2 ක්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චන්දික හතුරුසිංහගේ ගිවිසුම වහාම ඉවත් කරන්නේ නම්, ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 11.2 ( ලක්ෂ 1120 ) මුදලක් ගෙවීමට සිදුවන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාසිකව රුපියල් ලක්ෂ 70කට වැඩියෙන් උපයන චන්දික හතුරුසිංහ මහතාගේ සේවා දිගුව තවත් මාස 16ක් ක්‍රියාත්මක වීමට නියමිතය. එම සේවා ගිවිසුමේ දක්වා ඇති කරුණු වලට අනුව, මෙය ද්විපාර්ශවීය ගිවිසුමක් බැවින් දෙපාර්ශවයම මෙයට වගකීමට සහ වගවීමට බැදී සිටියි. මේ හේතුවෙන් එක් පාර්ශවයකට අනුව සිය ගිවිසුම ඉවත් කර ගන්නේ නම් ඒ සඳහා අදාල පාර්ශවයට අවශ්‍ය මූල්‍ය අලාභය ගෙවීමට සිදුවනු ඇත. යම් හෙයකින් චන්දික හතුරුසිංහ මහතා ද අතරමගදී සිය පුහුණුකරු ධූරය අතහැර යන්නේ නම්, ඒ වෙනුවෙන් ඔහුද අදාල පාර්ශවයට අදාල වන්දි මුදල ගෙවීමට බැදී සිටියි.

මේ තත්ත්වය මත ඉදිරියේදී දෙපාර්ශවය අතර යම් එකගතාවයකට අනුව එමින් කටයුතු කිරීමට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.