සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල -නව තරග වාර්තා හතරක් පළමු දිනයේ

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රිමේෂ් තරංග

35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය .

දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රථම දිනයේදී (30) බාලක වයස අවුරුදු 20න් පහළ රිටි පැනීමේ ඉසව්වෙන් චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඒ .පුවිතරන් නව තරග වාර්තාවක් මීටර 4.82ක් තරණය කිරීමෙන් බිහිකිරීමට සමත්විය.

18න් පහළ හෙල්ල විසිකිරීමේ බාලක ඉසව්වෙන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රිමේෂ් තරංග නව තරග වාර්තාවක් බිහි කළේ මීටර 66.63ක් සටහන් කරමිනි.

මිට අමතරව 16න් පහළ බලක මීටර 400 අවසන් පුර්ව තරගයේදී කුරුණෑගල ශාන්ත ජෝන් විදුහලේ එච්. ආර්. ජයසුන්දර තත්පර 48.73ක් සටහන් කරමින් එම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකළ අතර ප්‍රථම දිනයේ වාර්තාවූ අනෙක් තරග වාර්තාව බිහිකළේ සෙවන්ඩේ ඇඩ්වෙන්චර් උසස් පාසලේ මිශාක් මිරොෂ් ය. එම වාර්තාව සටහන් වුයේ බාලක වයස 16න් පහළ උස පැනීමේ ඉසව්වෙනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.