උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ.

උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර පළාතේ උෂාන් තිවංක මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී, බස්නාහිර පළාතේම ලක්ෂිකා සුගන්ධි ක්‍රීඩිකාව දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

මීටර 2.12ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් උෂාන් තිවංක මෙවර රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙද්දී, කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම තරග ඉසව්ව තත්පර 13.9කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව මෙම මෝටර් රථ දෙක පරිතයාග කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු තවත් පිරිසක්  සහභාගී වී සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.