ආසියානු පැරා දුනු විදීමේ තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු පැරා දුනු විදීමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එම් ජී සම්පත් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය පසුගිය 19 වැනිදා සිට 26 වැනිදා දක්වා තායිලන්තයේ සත්කාරත්වයෙන් පැවැත්විණි.

පැරා දුනු විදීමේ තරග ඉසව්ව නියෝජනය කරමින් ආසියානු මට්ටමේ රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව බවට මෙය ඉතිහාසයට එක් විය.

මෙම තරගාවලිය එළඹෙන වසරේ ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියට ක්‍රීඩකයන් තෝරන තරගාවලියක් ලෙස පැවැත්විණ. මෙම තරගාවලිය සදහා ආසියාව නියෝජනය කරමින් රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.