පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට විස්සයි 20 න් උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි තවත් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ පාකිස්තානයට එරෙහිව පැවති මුල් තරග 2කම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගය. මෙම යාවත්කාලීන කිරීම ඊයේ ( 08 ) සිදු වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.

ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 -0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය අද ( 09 ) ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ සටහනේ 8 වැනි ස්ථානයේ පසු වූ අතර පාකිස්තානයට එරෙහිව පැවති මුල් තරග 2කම ජයග්‍රහණය කිරීමත් සමග 7වැනි ස්ථානය තෙක් ලගා වීමට හැකියාව ලැබිණ. ඒ අනුව 7වැනි රැදී සිටි ඇෆ්ගනිස්තානයට 8වැනි තැන දක්වා පහළ බැසීමට සිදුවිය.

මෙම සටහනේ තවමත් පාකිස්තාන කණ්ඩායම පෙරමුණේ පසුවන අතර එංගලන්තය සහ දකුණු අප්‍රිකාව  පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙයි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.