රාජකීය – තෝමස් බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන “ රාජකීය – තෝමස් බැඩ්මින්ටත් තරගාවලිය මේ මස 11 වැනිදා රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

නෙතුල ලියනගේ විසින් මෙවර රාජකීය විද්‍යාලයට නායකත්වයට ලබා දෙද්දී, කවිත් ජයසූරිය එහි උප නායකයා ලෙස කටයුතු කරනු ලැබේ. තෝමස් විද්‍යාලයේ ලෂාන් මෙන්ඩිස් විසින් කණ්ඩායමට නායකත්වය ලබා දෙද්දී, සචින්ත පිලපිටිය උප නායකයා ලෙස සිය දායකත්වය ලබා දීමට නියමිතය.

රනිල් විජේසේකර අනුස්මරණ කුසලානය වෙනුවෙන් වයස 20 න් පහළ කණ්ඩායම තරග කරද්දී, අභියෝගතා පළග ශූරතාව වෙනුවෙන් වයස 16න් පහල කණ්ඩායම තරග වැදීමට නියමිතය.

තරගාවලියේ සියලු තරග 11 වැනිදා ප.ව 2.00 සිට පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.