පෙරහුරු තරගයෙන් ශ්‍රි ලංකාව පරදියි

නවසීලන්ත ක්‍රීඩක ස්කොට් කග්ලෙජින්ගේ හා ඉෂ් සොධිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට නවසීලන්තය සමගින් පැවති පුහුණුතරගයෙන් ලකුණු 33ක පරාජයක් වැළද ගැනීමට අද ( 29 ) සිදුවිය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂෙහාන් ජයසූරිය පන්දු 25කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩාකළ දසුන් ශානක පන්දු 11කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 25ක්රැස් කිරීමට සමත් විය.

දකුණතින් මද වේග පන්දු යවන ක්‍රීඩක සකොට් කග්ලෙජින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් නියමිත පන්දුවාර 4තුළදී ලකුණු 19ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දීමට කටයුතු කළේ, කඩුලු 4ක් සිය ගිණුමට එක්කර ගනිමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් ඉෂ් සෝධි ලකුණු 49කට කඩුලු 3ක් බිද හෙලීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.

නවසීලන්තය වෙනුවෙන් පන්දු 34කදී හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට රොස් ටේලර් කටයුතු කළ අතර කෝලින් මන්රෝ ලකුණු 48ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

නවසීලන්ත කණ්ඩායම – පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී 168
(
මාටින් ගප්ටිල් 22, කොලින් මුන්රෝ 48, රොස් ටේලර් 41, වනිඳු හසරංග 35/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135
(
ධනුෂ්ක ගුණතිලක 19, භානුක රාජපක්ෂ 22, ෂෙහාන් ජයසූරිය 26, දසුන් ශානක 25, ලක්ෂාන් සඳකැන් නොදැවී 12, ස්කොට් කුග්ලෙජින් 19/4, ඉෂ් සෝධි 43/3)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.