අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිට දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගැනමේ නිවේදනය අද ( 28 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අජන්ත මෙන්ඩිස්ට 2015 වසරින් පසු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන විට, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක් බිද හෙලීමට සමත් විය. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ලද්දේ, 2014 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. ටෙස්ට් පිටියේ මෙන්ම  එක්දින පිටියේද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉමහත් සේවයක් කළ අජන්ත මෙන්ඩිස් එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද  බිද හෙලීමට සමත් විය. සීමිත පන්දුවාර තරග රටාවේද විශිෂ්ටයෙකු වූ ඔහු විස්සයි 20 තරග 39කදී කඩුලු 66ක් බිද හෙලීමට සමත් විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.