පළමු ෆොක්ස් හිල් චෙස් තරගාවලිය 30 වැනිදා සිට

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ෆෝක්ස් හිල් චෙස් ෆියෙස්ටා තරගාවලිය මෙ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු පාසලේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා, පෞද්ගලික ආයතනය සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් 34 ක් සහභාගි වීමට නියමිතය.

වයස 20 න් ඉහළ කණ්ඩායම් තරගාවලියක් වන මෙම තරගාවලියේ කණ්ඩායමකට සාමාජිකයන් පස්දෙනකු ඇතුළත් වන අතර තරගයක් වට හතකින් සමන්විත වේ.

ආබාධිත රණ විරුන්ගෙන් සමන්විත කණ්ඩායම් ඇතුළු ත්‍රිවිධ හමුදා කණ්ඩායම් 16 ක්, විශ්වවිද්‍යාල කණ්ඩායම් තරගාවලියට සහභාගි වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.