SL vs ZIM – මැතිවුස් සහ කුසල් ගොඩ නැගූ ඉනිමට ධනංජගෙන් තල්ලුවක්

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් සහ කලකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ ප්‍රවේසම්කාරී පිතිහරඹයත්, ධනංජය ද සිල්වාගේ වගකීම් සහගත පිතිහරඹයත් හේතුවෙන් සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට ( 21 ) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 295ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තවත් කඩුලු 6ක් ඇතැතිව  සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 63ක් පිටුපසින් පසුවෙයි.

දෙවැනි වූ ඊයේ ( 20 ) දිනට තරගය නතර කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 253 ක් එක් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අද සමත් වූහ. පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 92ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 37කට දැවී යාමත් සමග පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවුස් සමගින් ඉනිම ගොඩ නැගූ කුසල් මෙන්ඩිස් කලකට පසු යළිත් සුපුරුදු රිද්මයට පැමිනීම හේතුවෙන් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට මහත් රුකුලක් වූ බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති. කුසල් මෙන්ඩිස් තරමක වේගයෙන් පන්දුවට පහර දුන්නද, ඇන්ජලො මැතිවුස් ආරම්භයේදී යම් මන්දගාමි පිතිහරඹයක නිරත වෙමින් කුසල් මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

<< DAY 01 – කසූසා සහ ප්‍රින්ස් මංගල අර්ධ ශතක රැස් කරද්දී, පළමු දිනයේ වැඩි වාසිය සිම්බාබ්වේ වෙතට>>

එහෙත් මාස 13කට පසු ටෙස්ට් ශතකයක් රැස් කිරීමට මාන බලමින් සිටි කුසල් මෙන්ඩිස්ට, වික්ටර් නියෝචිගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප් රදවන්නා අතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 163 කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 80 ලබා සිටියේය.

පාකිස්තාන සංචාරයට එක් වෙමින් අර්ධ ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී ලබාගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. චන්දිමාල්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා , ඇන්ජලෝ මැතිවුස් සමගින් එක්ව යලිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට කටයුතු කළේය. ධනංජය සිල්වා හතරේ පහර 5කින් සිය ඉනිම වර්ණවත් කර ගනිද්දී, ඇන්ජලෝ මැතිවුස් හයේ පහර දෙකකින් සහ හතරේ පහර 7කින් සිය ඉනිම අලංකාර කර ගත්තේය.

<<day 02 – ඇඹුල්දෙණියගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 358 න් නවතී>> 

පන්දු යැවීමේදී වික්ටර් නියෝචි ලකුණු 38කට කඩුලු 2ක් බිද හෙලද්දී, සීන් විලිම්ස් සහ ඩොනල්ඩ් ටිරිපනෝ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

හෙට ( 22 ) තරගයේ සිව්වන දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 106කදී කඩුලු 4කට ලකුණු 295

(දිමුත් කරුණාරත්න 37, කුසල් මෙන්ඩිස් 80, ඇන්ජලෝ මැතිවුස් නොදැවී 92, ධනංජය සිල්වා නොදැවී 42, වික්ටර් නියෝචි 38/2  )

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 148කදී සියලු දෙනාදැවී ලකුණු 358

( ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රේග් අර්වින් 85, සිකන්ද රාසා 41, ඩොනල්ඩ් ටිරිපනෝ නොදැවී 44, ලසිත් ඇඹුල්දෙණිය 114/5, සුරංග ලක්මාල් 53/3, ළහිරු කුමාර 82/2 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.