ශ්‍රී ලංකාව තරග 1 – 0 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 31 ) නිමාවට පත්විය. එහෙත් පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් හෙයින් තරග 2කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය තරග 1 – 0 කින් ජය ගැනීමට හැකිවිය.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 361 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය අවසන් කරන විට සිය දෙවැනි වෙනුවෙන් කඩුලු 3කට ලකුණු 203ක් ලබා සිටියේය. කලකට පසු යළිත් සුපුරුදු රිද්මයට පැමිණි කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 7 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 233කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 113ක් රැස් කිරීමට සමත් විය. එය කුසල් මෙන්ඩිස් 2018 වසරින් පසු රැස්කළ පළමු ශතකය බවට පත්විය.

ජයග්‍රහණය කරා යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පසුව ලකුණු 205 ක් ලබාගත යුතුව තිබිණ. එහෙත් එය පහසු සෙල්ලමක් නොවූයේ දිවා ආහාරයත් තේ පානයත් අතර තුර කාලයේදී ශ්‍රී ලංකා පිලට එක්වූයේ ලකුණු 51 ක් පමණක් වූ බැවිනි.

හෝරාවකදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 157 ක් ලබාගැනීම හෝ ඉතිරි වී තිබූ කඩුලු 7 දවාගැනීම අසීරු කාරියක් වූ හෙයින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන ලදි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ සිකන්දර් රාසා අවසන් තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිවුස් වෙත පිරි නැමිණ.

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 90 කදී සියලු දෙනා දැවී ලකුණු 406

ෂොන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, රෙගීස්  චකබ්වා 31, ටිනොටෙන්දා මුටොම්බොඩසා 33, ලසිත් ඇඹුල්දෙණිය 182/4,  සුරංග ලක්මාල් 37/2, ධනංජය ද සිල්වා 71/3 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 119.5 කදී සියලු දෙනා දැවී ලකුණු 293

ඇන්ජලෝ මැතිවුස් 64, දිමුත් කරුණාරත්න 44, ඕෂධ ප්‍රනාන්දු 44, ධනංජය ද සිල්වා 42, විශ්ව ප්‍රනාන්දු 38, සිකන්දර් රාසා 113/7 )

සිම්බාබ්වේ දෙවැනි ඉනිම පන්දුවාර 74.5 කදී කඩුලු 7කට ලකුණු 241

( බ්‍රෙන්ඩන් ටේලර් 67, ෂොන් විලියම්ස් නොදැවී 47, විශ්ව ප්‍රනාන්දු 43/2 , ලසිත් ඇඹුල්දෙණිය 81/2 )

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 87කදී කඩුලු 3කට ලකුණු 203

( කුසල් මෙන්ඩිස් නොදැවී 116, ඕෂධ පුනාන්දු 47, )

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.