ස්කොට්ලන්තය පැරදූ ශ්‍රී ලංකා යොවුන් පිල පළඟ ශූරතාවේ අවසන් තරගයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම අතර පැවති  අවසන් පූරව වටයේ තරගයෙන්  ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 97ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පළඟ ශූරතාවේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අද ( 30 ) සමත් විය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග ස්කොට්ලන්තයට පන්දුවාර 40කදී හිමි වූ ඉලක්කය ලකුණු 247 කි. එකී ඉලක්කය හඹා ගිය ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායමට නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 8ක් දැව ිරැස්කර ගතහැකි වූයේ ලකුණු 149ක් පමණි.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇන්ගුස් ගයි පන්දු 72 කදී ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවත් පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී චමිඳු විජේසිංහ ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලද්දී, ඩිල්ෂාන් මදුසංක සහ කවිඳු නදීෂාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ නිපුන් ධනංජය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වෙමින් පන්දු 69කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 66ක් රැස් කිරීමට සමත් වියත ඔහුට අනගි සහයක් ලබාදුන් අහන් වික්‍රමසිංහ පන්දු 50දී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නවෝද් පරණවිතාන ද අර්ධ ශතකයක් රැස් කරමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඩැනියෙල් කාන්ස් සහ චාලි පීට් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.