ටේලර් සහ විලියම්ස් සිම්බාබ්වේ ඉනිම ගොඩ නගති

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ සිව්වැනි දිනය වූ අද ( 30 ) සවස වර්ෂාව නිසා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියහ. ඒ අනුව සිම්බාබ්වේ පිල පළමු ඉනිමේදී ලබාගත් වාසියත් සමගින් මේ වන විට තවත් කඩුලු 3ක් ඇතැතිව ලකුණු 354කින් පෙරමුණ ගැනීමට සමත්ව ඇත.

නායක ෂොන් විලියම්ස් නොදැවී ලකුණු 47ක් සහ ඩොනල්ඩ් ටිරිපනෝ නොදැවී එක් ලකුණක් බැගින් ලබා තරගයේ අවසන් සහ පස්වන දිනට ද පන්දුවට පහර දීමට කඩුල්ලේ රැදී සිටියහ.

සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 75කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 67ක් රැස් කිරීමට සමත් වූයේ ප්‍රවේගකාරි ඉනිමක් දියත් කරමිනි .

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 81කට කඩුලු 2ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 43ක කඩුලු 2 බැගින් බිද හෙලූහ.

හෙට ( 31 ) තරගයේ අවසන් දිනයයි.

සිම්බාබ්වේ දෙවැනි ඉනිම – පන්දුවාර 74.5 කදී කඩුලු 7කට ලකුණු 241

( බ්‍රෙන්ඩන් ටේලර් 67, ෂොන් විලියම්ස් නොදැවී 47, විශ්ව ප්‍රනාන්දු 43/2 , ලසිත් ඇඹුල්දෙණිය 81/2 )

ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 119.5 කදී සියලු දෙනා දැවී ලකුණු 293

( ඇන්ජලෝ මැතිවුස් 64, දිමුත් කරුණාරත්න 44, ඕෂධ ප්‍රනාන්දු 44, ධනංජය ද සිල්වා 42, විශ්ව ප්‍රනාන්දු 38, සිකන්දර් රාසා 113/7 )

සිම්බාබ්වේ පළමු ඉනිම පන්දුවාර 90 කදී සියලු දෙනා දැවී ලකුණු 406

( ෂොන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, රෙගීස්  චකබ්වා 31, ටිනොටෙන්දා මුටොම්බොඩසා 33, ලසිත් ඇඹුල්දෙණිය 182/4,  සුරංග ලක්මාල් 37/2, ධනංජය ද සිල්වා 71/3 )

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.