සිම්බාබ්වේ ලකුණු 175කින් පෙරමුණ ගනියි

සිකන්දර් රාසාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 293ක් පමණි. හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ තුන්වැනි දිනය වූ අද සවස වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියහ.

ඒ අනුව සිම්බාබ්වේ පිල පළමු ඉනිමේදී ලබාගත් වාසියත් සමගින් මේ වන විට තවත් කඩුලු 9ක් ඇතැතිව ලකුණු 175කින් පෙරමුණ ගැනීමට සමත්ව ඇත.

දෙවැනි දිනය වූ ඊයේ ( 28 ) දිනට කඩුලු 2කට ලකුණු 122ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සෙසු කඩුලු 8 වෙනුවෙන් ලබාගතහැකි වූයේ ලකුණු 171ක් පමණි. එහිදී පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තාකළ ඇන්ජලෝ මැතිවුස් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය. ඇන්ජලෝ මැතිවුස් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 50 සීමාව පසුකර යාමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේන් අවස්ථාවක් හිමි නොවූහ. නායක දිමුත් කරුණාරත්න ( 44 ) , ඕෂධ ප්‍රනාන්දු ( 44 ) සහ ධනංජය ද සිල්වා ( 42 ) බැගින් රැස් කිරීමට සමත් වුවද එය සිම්බාබ්වේ පළමු ඉනිමට ලබාගත්ලකුණු 406 පසුකර යාමට තරම් ප්‍රමාණවත් නොවූහ.

විශීෂ්ට පන්දු යැවීමක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 113කට කඩුලු 7ක් බිද හෙලමින් තරගයේ වැඩි වාසිය සිම්බාබ්වේ වෙත නතුකර දුන්නේය.  රාසාගේ දස්කම සිම්බාබ්වේ ක්‍රීඩකයකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ දෙවැනි හොඳම පන්දු යැවීම වශයෙන් සටහන් වේ. හිටපු පා දඟ පන්දු යවන්නකු වූ පෝල් ස්ට්‍රෑන්ග්, වසර 2000 දී නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 109 කට කඩුලු 8 ක් දවාගැනීම සිම්බාවේ වෙනුවෙන් වාර්තා වූ හොඳම ටෙස්ට් පන්දු යැවීමයි.

හෙට ( 30 ) තරගයේ සිව්වන දිනයයි.

සිම්බාබ්වේ දෙවැනි ඉනිම – පන්දුවාර 20.5කදී එක් කඩුල්ලකට ලකුණු 62

( ප්‍රින්ස් මසාවුරේ නොදැවී 26, රේගිස් චකබ්වා නොදැවී 14)

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 119.5 කදී සියලු දෙනා දැවී ලකුණු 293

( ඇන්ජලෝ මැතිවුස් 64, දිමුත් කරුණාරත්න 44, ඕෂධ ප්‍රනාන්දු 44, ධනංජය ද සිල්වා 42, විශ්ව ප්‍රනාන්දු 38, සිකන්දර් රාසා 113/7 )

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 90 කදී සියලු දෙනා දැවී ලකුණු 406

( ෂොන් විලියම්ස් 107, සිකන්දර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, රෙගීස්  චකබ්වා 31, ටිනොටෙන්දා මුටොම්බොඩසා 33, ලසිත් ඇඹුල්දෙණිය 182/4,  සුරංග ලක්මාල් 37/2, ධනංජය ද සිල්වා 71/3 )

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.