SL vs PAK – කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය මග හැරෙයි

පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද ( 16 ) ප්‍රකාශයට පත් කළේය.

ආබාධයට ලක් වූ කසුන් රාජිත වෙනුවට කණ්ඩායමට නවක පන්දු යවන්නෙකු ආදේශ නොකරන බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ප්‍රධානි මෙන්ම කණ්ඩායමේ කළමෙණකාරු අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කර තිබේ.

තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් සුරංග ලක්මාල් ඩෙංගු උණ වැළදීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ආදේශ කරනු ලැබූ අසිත ප්‍රනාන්දු ඒ අනුව දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.