බංගලාදේශ පාපන්දු තරගාවලිය කල් යයි

බංග්ලාදේශයේ මේ මස 21 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ බංගබන්ධු පාපන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් යයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කිරිකිස්තානය, මොන්ගෝලියාව, ලාඕසය හා කාම්බෝජියාව සහභාගීවීමට නියමිතව සිටි මේ තරගාවයලිය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කොට තිබිණි.

ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ තරගයක් සඳහා මේ මස 16 වැනිදා ටර්කිමෙනිස්තානය බලා පිටත්වන අතර ආපසු පැමිණි වහාම බංග්ලාදේශය බලා යෑමට සූදානමින් සිටියේය.

දෙසැම්බර් මස මුලදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී දකුණු ආසියා ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙයින් බංගබන්ධු පාපන්දු තරගාවලිය කල්දමා ඇතැයි පැවැසේ. දකුණු ආසියා ක්‍රීඩා උළෙලට බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගීවීමට නියමිතය.

බංගබන්ධු පාපන්දු තරගාවලිය 1996දී ආරම්භ වූ අතර මෙවර 7 වැනි වරට සංවිධානය කෙරේ. මැලේසියාව, ජපානය, නේපාලය හා පලස්තීනය බංගබන්ධු පාපන්දු කුසලානය මෙයට පෙර දිනා ඇති අතර සත්කාරක බංග්ලාදේශය තවමත් මෙහි ශූරතාව දිනා නැත

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.