සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායම නම් කරයි

නේපාලයේ කත්මන්ඩු නුවරදී ලබන මස 1 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දුනු විදීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත.

කම්පවුන්ඩ් සහ රිකව් ලෙස කාණ්ඩ දෙකකින් එක්වන මේ කණ්ඩායමේ කම්පවුන්ඩ් කාණ්ඩයට ක්‍රීඩකයන් 4ක් සහ ක්‍රීඩිකාවන් 4ක්ද, රිකව් කාණ්ඩයට ක්‍රීඩකයන් 4ක් සහ ක්‍රීඩිකාවන් 4ක්ද ඇතුළත්ව සිටිති.

2016 වසරේ ඉන්දියාවේ පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව කාන්තා සහ පිරිම් කණ්ඩායම් ඉසව්වල රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එහි පිරිමි කණ්ඩායමට නිපුන සෙනෙවිරත්න, ඉන්ද්‍රරත්න සහ සජීව් ද සිල්වා ඇතුළත් වූ අතර කාන්තා කණ්ඩායමට දිල්හාරා සල්ගාදු, අනුරාධා කරුණාරත්න සහ සචිනි උබේසිරි ඇතුළත් වූහ.

එම කණ්ඩායම් නියෝජනය කළ සජීව් ද සිල්වා, දිල්හාරා සල්ගාදු, අනුරාධා කරුණාරත්න මෙවරද සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා දුනු විදීමේ සංචිතය

රිකව් තරග අංශය කාන්තා – දිල්හාරා සල්ගාදු (කොළඹ දුනු විදීමේ සමාජය), ඒ.ඩබ්.එම්.ඩී.වඩුගේ (යුද හමුදාව), රෙහානා ටයබාලි (සැජිටේරියන්ස් දු.ස.), ඩබ්.ටී.එම්.සිල්වා (යුද හමුදාව), පිරිමි – සජීව් ද සිල්වා (රේස් කෝස් දු.ස.), පී.එස්.කේ.හේරත් (නාවික හමුදාව), රවින් කවිෂ දල්පදාදු (ඌව දු.ස.), ආර්.එම්.එම්.පී. ප්‍රේමරත්න (නාවික හමුදාව)

කම්පවුන්ඩ් තරග අංශය කාන්තා – අනුරාධා කරුණාරත්න (පොලිසිය), ඩබ්.ටී.දමයන්ති (කොළඹ දු.ස.), වයි.එම්.මල්ලිකා (ගුවන් හමුදාව), ඩබ්.එස්.හර්ෂනී (නාවික හමුදාව), පිරිමි – ඩබ්.එම්.කේ.ජී.වීරසිංහ (නාවික හමුදාව), ඊ.ඒ.එස්.වසන්ත කුමාර (යුද හමුදාව), කේ.ඒ.යූ.අයි.ජී.පෙරේරා (ගුවන් හමුදාව), සමන්ත රාජපක්ෂ (සැජිටෝරියන්ස් දු.ස.)

මයිකල් පෝල් පීටර් (පුහුණුකරු), සුනේත්‍රා සෙනෙවිරත්න (කළමනාකාරිනි)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.