T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 15ක් –  උපුල් තරගංටත් අවසන් මොහොතේදී ඇරයුම්

ඩුබාහිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංගට ද අවස්ථාව හිමිව තිබේ.

ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක ගැනීමට අවස්ථාව හිමි නොවීය. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලැබුවේ මෙම වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගාවලියේදීය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයින් 15 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එයට දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග, තිසර පෙරේරා, ෂෙහාන් ජයසූරිය, ප්‍රභාත් ජයසූරිය,කෙවින් කොත්තිගොඩ,භානුක රාජපක්ෂ, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිවුස්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න සහ උපුල් තරංග යන ක්‍රීඩකයන් එක් වීමට නියමිතය.

තරගාවලිය මේ මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වා කණ්ඩායමේ 8කගේ සහබාගීත්වයෙන් පැවැත්වේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.