ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යන්න අපි සූදානම් නැහැ – ඒෂාන් මානි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙනගොස් එනම්, එක්සත් අරාබි එමීර් රාජයයේ පැවැත්විමට සූදානම් නැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.

පාකිස්තානයෙන් පිට තරගාවලිය පැවැත්වේ නම්, එයට අධික වියදමක් දැරීමට සිදුවන බවත්, එම මුදලෙන් හරි අඩක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ගෙවිය යුතු බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ඒෂාන් මානී සහ ප්‍රධාන විධායකනිලධාරී වසීම් ඛාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.

ඔවුන් වැඩිදුරටත් එහිදී දක්වා ඇත්තේ, පසුගියදා නිමාවට පත්වූ එක්දින හා විස්සයි 20 තරගාවලිය සාර්ථක අවසන් කර ගැනීමට පාකිස්තාන රජයට හැකි වූ බවත්, ඒ අනුව පාකිස්තානයේ ආරක්ෂාව සුරක්ෂිත බවත්ය. එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය අයුරින් මුදල් වියදම් කරමින් පාකිස්තානයෙන් පිට ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට ඔවුන්ගේ කැමැත්තක් නොමැති බව දන්වා තිබේ.

පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පවත්වන ලද්දේ 2009 වසරේදී වන අතර රයද ශ්‍රී ලංකාවට එරෙහිව වීම විශේෂත්වයකි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තුවාල ලැබීය.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම  ටෙස්ට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.