කාන්තා රග්බි නංවන්න මලල ක්‍රීඩාවෙන් සහය පතයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ඉසව්ව ශක්තිමත් කිරීමට සහ වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදි පදක්කමක් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ජවසම්පන්න මලල ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය සුදානම් වන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කාන්තා රග්බි ප්‍රධානි විශ්‍රාමික කර්නල් ධම්මික ගුණසේකර දේශීය පුවත්පතකට ප්‍රකාශයක් කරමින් මේ බව අනාවරණය කර ඇත.

‘කාන්තා සත් සාමාජික රග්බි පිල මෙවර ආසියානු තරගාවලියේ කොරියාවේ පැවැති පළමු අදියරේදි සාර්ථක දස්කම් පෑවත්, පසුව ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් විවිධ ආබාධවලට ලක්වීම නිසා චීනයේ සහ කොළඹ පැවැති ඉතිරි තරගාවලිදි දැඩි පසුබෑමකට ලක්වුණා. එම තත්ත්වය මඟ හරවා ගැනීමට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. ‘ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කාන්තා රග්බි ප්‍රධානි පවසයි.

මේ සඳහා මීටර් සියය ධාවන ඉසව්ව තත්ත්පර 13ක පමණ කාලයකින් ද, මීටර් 200 ධාවන ඉසව්ව තත්ත්පර 26ක පමණ කාලයකින් ද නිමා කර ඇති මලල ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට බලාපොරොත්තුවේ .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.