ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇති අතර, උප නායකයා වශයෙන් කමිදු මෙන්ඩිස් කටයුතු කරනු ලැබේ.

ආසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් මෙවර තරගාවලිය සඳහා සහභාගී විමට නියමිත අතර, තරගාවලිය ලබන මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – චරිත් අසලංක ( නායක ), කමිදු මෙන්ඩිස් ( උප නායක ), පැතුම් නිශ්ශංක , හසිත බෝයගොඩ, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිෂාන් මධුෂ්ක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, අමිල අපොන්සු, ෂිරාන් ප්‍රනාන්දු, සචිදු කොළඹගේ

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.