කෝලිගේ පිත්ත පොන්ටින්ගේ වාර්තාවකට රතු එළි දල්වයි

ඉන්දීය නායක විරාට් කෝලි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තම ටෙස්ට් දිවියේ 26 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට අද ( 11 ) සමත් විය. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දරමින් වැඩිම ශතක සංඛ්‍යාවක් ( ශතක 40 ) සම්පූර්ණ කළ පිතිකරුවන් අතර ඔහු දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්ට පමණි. රිකී පොන්ටින් නායකයෙකු වශයෙන් ශතක 41ක් රැස් කිරීමට සමත්ව ඇත.

මහේන්ද්‍ර සිං දෝනි විසින් 2014 වසරේදී සිය නායකත්වයෙන් ඉවත් වීමත් සමග ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වූ විරාට් කෝලි වසර 5ක කාලයක් තුළදී ශතක 40ක් රැස් කිරීමට සමත් විය. එයට එක්දින ශතක 21 ක් සහ ටෙස්ට් ශතක 19ක් ඇතුළත්ව ඇත. එසේම ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ නායකයන් අතර වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවටද විරාට් කෝලි වාර්තා පොත් අතරට එක් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින් මෙම සටහනේ පෙරමුණ ගෙන සිටිනුයේ නායකුයෙකු වශයෙන් ශතක 41ක් ලබා ගනිමිනි. ඒ අනුව විරාට් කෝලිට ඔහුව පසුකර යාමට තවත් අවශ්‍ය ඇත්තේ, ශතක දෙකක් පමණි. මෙම සටහනේ තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකානු හිටපු නායකයෙකු වන ග්‍රෑම් ස්මිත්ට හිමිව තිබේ.  ඔහු නායකයෙකු වශයෙන් රැස්කර ඇති සම්පූර්ණ ශතක සංඛ්‍යාව 33කි.

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.