දහසක් බලාපොරොත්තු මැද එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය තරග බිමට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ තීරණාත්මක තරග ද්විත්වයක් හෙට ( 19 ) ජපානයේ ඔයිටා ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙවර ආරම්භක තරග වටයේදී ‘ සී ‘ කාණ්ඩයෙන් තරග වැදි ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ ‘ ඩී ‘ කාණ්ඩායෙන් තරග වැදි ඕස්ට්‍රේලියාව අතර පළමු අර්ධ අවසන් පූර්ව වටයේ  තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 12.45 ට ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය මෙවර සහභගි වූ තරග 4න් 3ක්ම ජයගත් අතර එංගලන්තය සහ ප්‍රංශය  අතර තරගය ජපානයට බලපෑ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. මේ හේතුවෙන් ප්‍රසාද ලකුණු 17ක් හිමිකර ගත් එංගලන්තයට ‘ සී ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවිය.

ඕස්ට්‍රේලියාව පළමු වටයේ සහභාගී වූ තරග 4න් 3ක්ම ජය ගැනීමට සමත් වූ අතර වේල්සය සමගින් පැවති තරගය ලකුණු 29 – 25 කින් පරාජය වීමට සිදුවිය. ඒ අනුව ඕස්ට්‍රේලියාවට ‘ ඩී ‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිවිය.

මෙවර තරගාවලියේ කාගෙත් අවධානය දිනාගත් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවකගේ බලාපොරොත්තු ඉටුවන මෙන්ම එකී බලාපොරොත්තු සුන්වන දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.45ට ආරම්භ වේ.

ගියවර ශූරයන් බවට පත් වූ නවසීලන්තය මෙවර ‘ බී ‘ කාණ්ඩයෙන් පළමු වටයට අවතීර්ණ වූ අතර එහිදී ඔවුන් සහභාගී වූ තරග 4න් 3ක් ජය ගැනීමට සමත් විය. නවසීලන්තය සහ ඉතාලිය අතර තරගය අතහැර දැමිමට සිදු වුවද, ප්‍රසාද ලකුණු 16ක් සමගින් නවසීලන්තය ‘බී ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

අයර්ලන්තය ඒ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙමින් ඔවුන් සහභාගී වූ තරග 4න් 3ක් ජය ගැනීමට සමත් විය. සත්කාරක ජපානය හමුවේ පරාජය වීමත් සමග අයර්ලන්තයට ඒ කාණ්ඩයේ හිමි වූයේ දෙවැනි ස්ථානනයි.

වේල්සය සහ ප්‍රංශය අතර තරගයත්,ජපානය සහ දකුණු අප්‍රිකාව අතර සෙසු අර්ධ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා ( 20 ) පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.